Trending Newsඑසැන පුවත්දේශීය

පිල්ලෙයාන් යටතේ සේවය කළ පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට

නැගෙනහිර පළාතේ සිදු වූ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ යටතේ සේවය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන්ගෙන් සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ‘ඉනියභාරතී’ ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම කණ්ඩායම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

එම තොරතුරු මත, පසුගිය සතියේ මඩකලපුව සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශවලදී අදාළ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, පිල්ලෙයාන් විසින් 2007-2008 කාලය තුළ මෙහෙයවන ලද සන්නද්ධ කණ්ඩායමක් මගින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේ දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම්, පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීම් රැසක් සිදු කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

Related posts

கொழும்பு 02 பகுதியில் உள்ள கட்டிட கட்டுமானத் தளமொன்றில் திடீரென தீப்பரவல்

Mohamed Dilsad

கடுகதி ரயில் தடம்புரண்ட விபத்தில் 18 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment