වෙළෙඳපොළ සහල් මිල පාලනය කිරීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කරන ලද වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන බව වී අලෙවි මණ්ඩලය පවසයි. මේ වන විට මෙට්‍රික් ටොන් 15,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 1500කට ආසන්න මුදලක් වැය කර ඇත.
වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, සාධාරණ මිලකට වී මිලදී ගැනීම නිසා ගොවීන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි.
මේ වන විට දිවයින පුරා වී ගබඩා 139ක් විවෘත කර ඇති අතර තවත් ගබඩා කිහිපයක් අලුත්වැඩියා කරමින් පවතී.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දිනකට සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6500ක් පමණ වේ. මෙම සහල් ප්‍රමාණය නිපදවීමට අවශ්‍ය වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10,000ක් පමණ වේ.
රජය විසින් මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණය, දින දෙකකට ආසන්න කාලයක් සඳහා රටේ සහල් අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් වේ.
ශ්‍රී ලංකාවේ වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් පමණ වන අතර, මෙය ප්‍රධාන කන්න දෙකක් යටතේ සිදු කෙරේ.
