Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්වයක් ගත්තේ මම නෙවෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වී. රාධාක්‍රිෂ්ණන්

ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්වයක් ලබා ගෙන ඇතැයි, සමාජ මාධ්‍යයේ පළවන, අසත්‍ය ප්‍රවෘත්තියක් හේතුවෙන් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇතැයි සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වී. රාධාක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කරයි. .

මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ ප්‍රවෘත්තියේ සඳහන් වන ‘වී. රාධාක්‍රිෂ්ණන්’ යනු තමා නොවන බවයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, 2005න් පසු හිටපු ජනාධිපතිවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබා දීම පිළිබඳව විමසා තිබිණ.

එහිදී ඉදිරිපත් වූ නම් ලැයිස්තුවේ 2006 වසරේ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වූ “වී. රාධාක්‍රිෂ්ණන්” වෙනුවෙන් කේ. රාධාක්‍රිෂ්ණන් මහත්මියට විදේශ ශිෂ්‍යත්වයක් ලබා දුන් බව සඳහන් විය.

මෙම ප්‍රකාශය පදනම් කර ගනිමින් තමන්ට, අපහාස වන අයුරින් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය සහ ඇතැම් විද්‍යුත් මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින බව එස්. වී. රාධාක්‍රිෂ්ණන් මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.

තම ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, එම වාර්තාවල සඳහන් ‘වී. රාධාක්‍රිෂ්ණන්’ යන්නෙන් අදහස් වන්නේ ‘පෙරුමාල් පිල්ලේ රාධාක්‍රිෂ්ණන්’ මහතා බවත්, එය තමා වන ‘වේලුසාමි රාධාක්‍රිෂ්ණන්’ නොවන බවත්ය.

තවද, 2006 වසරේදී තමා පාර්ලිමේන්තුව නියෝජනය නොකළ බවත්, එකල පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ බවත් ඔහු අවධාරණය කළේය. මෙම අසත්‍ය තොරතුරු හේතුවෙන් තමාට සිදුව ඇති අපහසුතාව පිළිබඳව පාර්ලිමේන්තුවට සහ සමස්ත මහජනතාවට ප්‍රකාශ කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Man charged with execution-style shooting murder of 15-year-old Brayden Dillon

Mohamed Dilsad

காசல்ரீ நீர் தேக்கத்தில் 1 லட்சம் கிராப் மீன் குஞ்சிகள் விடப்பட்டது

Mohamed Dilsad

“President has no legal right to influence the activities of the parliament” – Filed Marshall Sarath Fonseka [VIDEO]

Mohamed Dilsad

Leave a Comment