Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වීම⁣ට සියල්ල සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ,

“පෙරවරු 9:30ට විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ.  පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි.”

“දෙවෙනි ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට.”

“ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා.”

“පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11:15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව 12:15ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12:15ට.”

“විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දෙන්න පුළුවන්. විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.”

Related posts

முகாம்களில் – குழந்தைகளுக்கு பால்மா வழங்குவதை தவிருங்கள்

Mohamed Dilsad

AG instructs to expedite probes into Lasantha & Thajudeen murders

Mohamed Dilsad

பிரபல தொலைக்காட்சி நிகழ்ச்சி தொகுப்பாளரின் மரணத்திற்கான காரணம் இதுவே

Mohamed Dilsad

Leave a Comment