Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පති පත් කිරීම කල් යයි.

මීළඟ පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, මෙම නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුව, ඒ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, එම සභාව නැවත වතාවක් ලබන 12 වන දින රැස්වීමට නියමිතය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී නෙරපා හැරීමේ යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා විසින් ඒ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලදී.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇත්තේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම පමණක් බව ද වාර්තා වේ.

Related posts

NEWS HOUR | 6.30AM | UTVHD

Mohamed Dilsad

Restriction on WhatsApp to be lifted from midnight

Mohamed Dilsad

Phase 1 of G.C.E. O/L Exam evaluation concludes

Mohamed Dilsad

Leave a Comment