Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයනික ලොකු ලූණු සඳහා රු. 100ක බද්දක්…?

ලොකු ලූනු වගාකරුවන් මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබා දීමට රජය අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ යටතේ, දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 100ක ආනයන බද්දක් පැනවීම සම්බන්ධයෙන් මෙන්ම, වගාකරුවන්ගේ අස්වැන්න සඳහා ස්ථාවර සහ සාධාරණ මිලක් ලබා දීම වෙනුවෙන් අවම මිලක් සහ ස්ථීර මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙම නව වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ, දේශීය ලොකු ලූනු වගාකරුවන්ගේ අස්වැන්නට නිසි මිලක් ලබා දීම සහ, එමගින් ඔවුන් මෙම කර්මාන්තයේ අඛණ්ඩව නිරත වීමට දිරිගැන්වීමයි.

ගොවිජන මන්දිරයේදී පැවැත්වූ මෙම සාකච්ඡාවේදී, දේශීය ගොවීන්ගේ ගැටළු පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කෙරුණි

Related posts

උත්සව තියලා මරණ සහතික නිකුත් කරන තරමට, ආණ්ඩුව පිරිහිලා

Editor O

சவால்களைக் கண்டு ஓடி ஒளிபவர்கள் நாமில்லை…

Mohamed Dilsad

பாகிஸ்தானுக்கு எதிரான போட்டியில் இந்தியா அபார வெற்றி

Mohamed Dilsad

Leave a Comment