Trending Newsඑසැන පුවත්දේශීය

ඉදිරි අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අලුත් වාහන

ඉදිරි අයවැය මගින් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ධුර කාලය සඳහා භාවිත කිරීමට වාහන ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙම වාහන, ධුර කාලය අවසානයේදී නැවත භාරදිය යුතු වන අතර, එමගින් රජයේ මුදල් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරයා අවධාරණය කළේ බලය ලබාගැනීම සඳහා වන සාධාරණ දේශපාලන ක්‍රියාවලීන් විය යුතු නමුත්, කුමන්ත්‍රණකාරී ක්‍රියාවලීන්ගෙන් වැළකී සිටිය යුතු බවය .

වර්තමාන ආණ්ඩුව සතුව රුපියල් ට්‍රිලියනයක මුදල් සංචිතයක් පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙම මුදල් සංචිතය ඇති කිරීම සඳහා පෙර ආණ්ඩුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග අගය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා ස්තුතිවන්ත විය යුතු බව ප්‍රකාශ කළේය.

තවද, මෙම ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් රජයට වෙළෙඳපොළ පාලනය කිරීමට දැන් හැකියාවක් ඇති බවත්, එය රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ප්‍රබල දායකත්වයක් සපයන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

Related posts

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

Editor O

Mirijjawila protest: 25 further remanded, 4 out on bail

Mohamed Dilsad

China confident friendship with Sri Lanka will last forever

Mohamed Dilsad

Leave a Comment