Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහිව විශ්වාසභංගයක් …?

සමගි ජන බලවේගය විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී ගෙන ඇත.

මෙම විශ්වාසභංග යෝජනාවට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දී ඇත්තේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු වලට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ තනතුර බාධාවක් විය හැකි බවයි.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අරුණ ජයසේකර මහතා නැගෙනහිර පළාතේ ආඥාපතිවරයා ලෙස කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පැවසීය.

Related posts

ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණය කිරීමේ වගකීම පාසැල් දරුවන් හමුවේ ඇති බව ජනපති පවසයි

Mohamed Dilsad

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

வானுட்டு தீவில் சக்திவாய்ந்த நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment