Trending Newsඑසැන පුවත්දේශීය

කෑගල්ලේ ප්‍රවාහන හා මහා මාර්ග ගැටලු ගැන අවධානය

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රවාහන හා මහා මාර්ග විෂයට සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමේ හා ඒවාට විසඳුම් ලබාදීමේ විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මහා මාර්ග හා ප්‍රවාහන අංශයේ ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන මිල්ලගල මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමට පියවර ගැනිණි.

මෙම හමුවේදී ගමනාගමන අපහසුතා පවතින සංවර්ධන විය යුතු මාර්ග, ලාභ නොලැබීම හේතුවෙන් බස් රථ ධාවනය නොකරන ලද බස් මාර්ග, පසුගිය වසර වලදී විවිධ හේතුන් මත බස් රථ ධාවනය නොකළ මාර්ග, අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සම්බන්ධ තොරතුරු, මාර්ග සංඥා අවශ්‍ය ස්ථාන පිළිබඳ තොරතුරු, දුම්රිය ස්ථානයට අදාළව සංවර්ධන විය යුතු වෙනත් යෝජිත සේවා අවශ්‍යතාවයන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ සේවා ස්ථානවල සේවා අවශ්‍යතාවන්,ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පවතින ගැටලු, ඩිපෝවල පවතින ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.
2025-2026 වර්ෂයන්ට අදාළව මාර්ග ආරක්ෂාව පිළිබඳ සැලැස්ම සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි .

කෑගල්ල දිස්ත්‍රික්කයේ නවීකරණය විය යුතු දුම්රිය ස්ථානයක් ලෙස රබුක්කන හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළ අතර ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමට අදාල අංශ දැනුවත් කෙරිනි .
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා මේ වසරේ ලැබී ඇති ප්‍රතිපාදනයන්ට අමතරව රුපියල් මිලියන 250 ක මුදලක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම හමුව සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපති චම්පා ජානකී මහත්මිය ,පරිසර අමාත්‍යය කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධම්මික පටබැඳි මහතා ඇතුලු කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, කෑගල්ල දිසාපතිතුමන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් , ප්‍රාදේශීය ලේකම්වරුන් හා මහා මාර්ග විෂයට සම්බන්ධ රාජ්‍ය ආයතන වල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

Related posts

“Sri Lanka needs Tamil leaders with a national perspective,” says Namal Rajapaksa

Mohamed Dilsad

කොරියාවේ සිටින ශ්‍රමිකයන්ට පොදුසමා කාලයක්

Mohamed Dilsad

එක්සත් අරාබියට දුවිලි කුණාටුවකින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment