Trending Newsඑසැන පුවත්දේශීය

රෝහිත බෝගොල්ලාගමට එරෙහිව, කොළඹ මහාධිකරණයේ නඩුවක්

අල්ලස් කොමිෂම විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව, අල්ලස් සහ දූෂණ චෝදනාවකට අදාළ නඩුවක් , ගොනුකර ඇති අතර, ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට එම නඩුව ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

අල්ලස් කොමිෂම කළ කරුණු දැක්වීමත් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා මෙම නියෝගය නිකුත් කර ඇති අතර, විත්තිකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු හෙළි වී තිබෙන නිසා ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිෂම ඉල්ලීම් කර ඇත. ඒ අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයාට විරුද්ධව මෙම නඩුව අල්ලස් කොමිෂම විසින් ගොනු කර ඇත්තේ, 2006 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර සංවිධානය කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් අල්ලස් පනතේ “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමිනි.

Related posts

SLFP formally informs Prime Minister to step down

Mohamed Dilsad

தமிழில் ரூ.100 கோடி படங்களே இல்லை!…வெளிவந்த அதிர்ச்சி தகவல்

Mohamed Dilsad

MP Shantha Abeysekara further remanded until Nov 5

Mohamed Dilsad

Leave a Comment