Trending Newsඑසැන පුවත්දේශීය

ෆාමසී 82 බලපත්‍ර අත්හිටුවයි

නිසි ප්‍රමිතිය නොමැතිකම හේතුවෙන් ඔසුසල් අසූ දෙකක බලපත්‍ර  අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

ඔසුසල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීමද  තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කළේය.

ඉන් ඔසුසල්  137ක  බලපත්‍ර  යාවත්කාලීන කර නැත්තේ ඖෂධවේදීන් ඒවායේ පූර්ණකාලීනව සේවයේ  නොයෙදවීම හේතුවෙන් බවත්   පූර්ණ කාලීන ඖෂධවේදියෙකු ඉදිරිපත් කරන තෙක් බලපත්‍ර  යාවකාලීන කිරීම  නොකරන බවත්   හෙතෙම  ප්‍රකාශ කළේය.

ඖෂධවේදීන් නැති ඔසුසල්  සඳහා බලපත්‍ර ලබාදිය නොහැකි බව කී   අමාත්‍යවරයා   සුදුසුකම් සම්පූර්ණ කළ ඔසුසල් 1820කට බලපත්‍ර ලබාදී ඇතැයිද  පැවැසීය

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

Sri Lankan Envoy receives appreciation from Russian Government

Mohamed Dilsad

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

கராச்சி நகரில் உள்ள சீன துணைத் தூதுரகத்துக்கு அருகில் தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment