Trending Newsඑසැන පුවත්දේශීය

ෆාමසී 82 බලපත්‍ර අත්හිටුවයි

නිසි ප්‍රමිතිය නොමැතිකම හේතුවෙන් ඔසුසල් අසූ දෙකක බලපත්‍ර  අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

ඔසුසල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීමද  තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කළේය.

ඉන් ඔසුසල්  137ක  බලපත්‍ර  යාවත්කාලීන කර නැත්තේ ඖෂධවේදීන් ඒවායේ පූර්ණකාලීනව සේවයේ  නොයෙදවීම හේතුවෙන් බවත්   පූර්ණ කාලීන ඖෂධවේදියෙකු ඉදිරිපත් කරන තෙක් බලපත්‍ර  යාවකාලීන කිරීම  නොකරන බවත්   හෙතෙම  ප්‍රකාශ කළේය.

ඖෂධවේදීන් නැති ඔසුසල්  සඳහා බලපත්‍ර ලබාදිය නොහැකි බව කී   අමාත්‍යවරයා   සුදුසුකම් සම්පූර්ණ කළ ඔසුසල් 1820කට බලපත්‍ර ලබාදී ඇතැයිද  පැවැසීය

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

ඔමික්‍රෝන් ආසාධිතයින් හොයන විශේෂ පරීක්ෂණයක් හෙට

Mohamed Dilsad

உலங்கு வானூர்தியில் இடம்பெற்ற பிரசவம்..! குழந்தை பலி!

Mohamed Dilsad

“Several sectors lack female representation” – Anura Kumara [VIDEO]

Mohamed Dilsad

Leave a Comment