Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

හලාවත මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ජගත් සමන්ත මහතාගේ නිවසට සිදු කළ හානියක් සම්බන්ධයෙන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව (ජූලි 24) කැඳවූ අවස්ථාවේදී, මන්ත්‍රීවරයා අධිකරණයට නොපැමිණීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී අජිත් ගිහාන් කියා සිටියේ, ඊයේ දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

තම නීතිඥයා මේ පිළිබඳව ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සිටින තවත් ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ්

Mohamed Dilsad

Cabinet reshuffle on Wednesday

Mohamed Dilsad

Leave a Comment