Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්වෙනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන අවධානය යොමුකරන කරුණු

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ පස්වන සමාලෝචනය එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය පැවසීය.

මාධ්‍ය හමුවකට ඊයේ (24) සහභාගි වෙමින් ඇය මේ බව කීවාය

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ධනාත්මකව පැවතියද, ගෝලීය වෙළෙඳපොළ ප්‍රතිපත්ති සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් මෙරට ආර්ථික දැක්මට අවදානම් තත්ත්වයක් ඇති කිරීමට හැකි බව ද ජූලි කොසැක් මෙහිදී අවධාරණය කර ඇත.

පස්වන සමාලේචනයේදී මෙම සාධක ඇගයීමට ලක් කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් මෙරට බලධාරින් සමගද සාකච්ඡා කිරීමට ද ඇය බලාපොරොත්තු වේ.

තවද ගෝලීය වෙළෙඳපොළ සහ ආර්ථික අවිනිශ්චිතතාවයන්ගෙන් ඇතිවිය හැකි බලපෑම සහ ප්‍රතිපත්තිවල ඇතිවන අවිනිශ්චිත තත්ත්වයන් ඇතුළු මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සමස්ත තක්සේරුවක් එහිදී සිදුකරනු ඇති බවද ජූලි කොසැක් වැඩිදුරටත් පවසා ඇත.

පසුගිය ජූලි 1 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිව්වන සමාලෝචනය සම්පූර්ණකර, අමෙරිකානු ඩොලර් මිලියන 350ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමත් සමග විස්තීර්ණ ණය පහසුකම යටතේ මෙරටට ලබාදුන් සමස්ත මූල්‍ය ආධාරය ඩොලර් බිලියන 1.74ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇත.

මේ අතර ජූලි කොසැක් මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති ප්‍රතිසංස්කරණ තුළින් උද්ධමනය අඩුවීම, වැඩිදියුණු කළ ආදායම් එකතු කිරීම සහ වර්ධනය වන සංචිත ප්‍රසන්සනීය ප්‍රතිඵල ලබාදෙන බවය.

2024 වසරේදී මෙරට ආර්ථිකයේ පශ්චාත් අර්බුද වර්ධනය 5% කින් ප්‍රසාරණය වීම තුළ කැපී පෙනෙන වර්ධනයක් යළි ලබාගැනීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවධානය යොමුව ඇත.

2022 වසරේ දී මෙරට පැවති 8.2%ක දළ දේශීය නිශ්පාදිතය පසුගිය 2024 වසරේ දී 13.5%ක් දක්වා ඉහළ යාම ද විශේෂත්වයක්ය.

එය ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය පිළිබිඹු කරන අතර, ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් වීම හරහා සමස්ත IMF වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතින බව ජූලි කොසැක් වැඩිදුරටත් පැවසීය.

Related posts

කොරෝනා මරණ 116 දක්වා ඉහළට [RELEASE]

Mohamed Dilsad

බස් සහ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

போலி நாணயத் தாள்களுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment