Trending Newsඑසැන පුවත්දේශීය

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා සියයට 15%ක බද්දක් අඩුකර ඇති බවය.

ට්‍රත් සෝෂල් ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙම ගිවිසුම ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදුකිරීමට නියමිත බවය. 

එමෙන්ම අදාළ තීරණය හේතුවෙන් අමෙරිකාවට යහපත් කාලයක් උදාවන අතර, එය ජපානය සමඟ ඇති  සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට හේතුවක් වන බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

මීට පෙර තීරු බදු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා තිබුණේ ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14ක් වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබද්දක් පනවන බවය. 

අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ට්‍රම්ප් ලිඛිතව දැනුම් දී තිබූ අතර, තීරු බදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.

Related posts

ජනාධිපතිවරණයට අදාළව, ඉලංගෙයි තමිල් අරුසුකච්චි ස්ථාවරය ඉදිරි දිනයක ප්‍රකාශ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්

Editor O

“சஹ்ரானை வாழ்நாளில் சந்தித்ததேயில்லை – ஐஎஸ் அமைப்பை அரசு இல்லாதொழிக்க வேண்டும்” – தெரிவுக்குழு முன் ரிஷாட்

Mohamed Dilsad

PSC seeks term extension

Mohamed Dilsad

Leave a Comment