මාසයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව වන රක්ෂිතයේ දිගම්පතාහ ප්‍රදේශයෙන් හමුව තිබේ. ඒ අතර ඇති ඇත් සිරුරේ දළ ඉවත් කර ඇති බව ද දැකගත හැකි බව වාර්තා වේ.
මෙම අලි මරණ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරීන් දැනුම්වත් කළ බව ප්‍රදේශවාසීන් සඳහන් කරති.
