Trending Newsඑසැන පුවත්දේශීය

පොලීස් නිලධාරීන්ගෙන් සියයට 20%-40% අතර පිරිසක් ලෙඩ්ඩු – වැ.බ. පොලිස්පති

පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් බැලුවොත් 20%ක් 40%ක් බෝ නොවන රෝග වලින් පෙළෙන බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් බැලුවොත් 20%ක් 40%ක් බෝ නොවන රෝග වලින් පෙළෙනවා.  තව 30%ක ප්‍රමාණයක් තවම පරික්ෂා කිරීම් කරලා නැහැ. ඉතුරු 30 තමයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ ඒ මොකද  ඒ අයගේ ගෙදර ප්‍රශ්න, රාජකාරී ප්‍රශ්න ඒ ඔක්කොමත් එකක් යම් යම් බෝනොවන රෝග වැළදිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය මීට වඩා විදිමත් කරලා, කාර්ය සාදනය වැඩිකරලා පොලිස් නලධාරීන් කරන රාජකාරීය ඉතාම ඉහළ රාජකාරීයක් විදිහට පෙන්වලා තවත් වරප්‍රසාද පොලිස් නිලධාරීන්ට වරප්‍රසාද දෙන්න කටයුතු කරමින් පවතිනවා. පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමුකරලා තියෙනවා. ඒ අවධානයට යොමුකරපු එක නිසා ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න්වා”

Related posts

Copper Factory Employee In Wellampitiya Further Remanded

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට මිලි මීටර 100 ට වඩා තද වැසි

Mohamed Dilsad

Steven Smith joins Comilla Victorians for BPL 2019

Mohamed Dilsad

Leave a Comment