Trending Newsඑසැන පුවත්දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර එක්නැලිගොඩ ඝාතනයේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කරයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා නම්කර තිබෙන බව නීතිපතිවරයා අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම්දුන්නේය.

අදාළ නඩුව අද නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංකගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන වින. එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා මෙන්ම විමර්ශන කටයුතු අධීක්ෂණය කළ ශානි අබේසේකර මහතාව සාක්ෂිකරු වශයෙන් නම් කර නොමැති බව සඳහන් කළේය.

ඒ මහතාව සාක්ෂිකරුවකු ලෙස නම් කරන මෙන් 2022 වසරේ නොවැම්බර් මස 29 වනදා තමන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ බවත් එය සලකා බලන බවට එවකට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා දැනුම් දී තිබූ බවත් ඔහු සඳහන් කළේය.

එහෙත් මේ දක්වා ශානි අබේසේකරව අදාල නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කර නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණයට දන්වා සිටියේ ශානි අබේසේකර මහතා මෙම නඩුවේ 109 වන සාක්ෂිකරු වශයෙන් දැනටමත් නම් කර තිබෙන බවයි.

Related posts

U.S. suspects Russia planted fake news behind Qatar crisis

Mohamed Dilsad

வடகொரியாவின் புதிய ஏவுகணையில் அணு ஆயுதங்கள்!

Mohamed Dilsad

Russia lowest-ranked team at World Cup

Mohamed Dilsad

Leave a Comment