Trending Newsඑසැන පුවත්දේශීය

සුදන්ත තිලකසිරිට එරෙහිව අධිකරණ නියෝගයක්

කොළඹ දිසා අධිකරණය විසින් යූ ටියුබර්වරුන් වන සුදන්ත තිලකසිරි නොහොත් “සුදා” සහ තවත් අයෙකුට දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අපහාසාත්මක ප්‍රකාශ හෝ අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ලකට අනුව නිකුත් කර ඇත.මෙම වාරණ නියෝගය ජූලි 30 වනදා දක්වා බල පැවැත්වේ.

අධිකරණය විසින් සුදන්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන විත්තිකරුවන් දෙදෙනාට, ඔවුන්ගේ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම තහනම් කරමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

Related posts

Qatar Chamber, Sri Lanka review co-operation in employment

Mohamed Dilsad

පැය 24 ක් තුළ සිදුවූ රිය අනතුරුවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

பிரபல இசைக்கலைஞர் காலமானார்…

Mohamed Dilsad

Leave a Comment