Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි තබයි.

වැලිගම, උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවය.

අද අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂාව ද ලබාගෙන තිබූ බවය. වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

වෙඩිකරුවන් වෙත පොලීසියෙන්ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පළාගිය බව පොලීසිය ප්‍රකාශ කරයි.

Related posts

විදුලි ගාස්තු එලෙසම ගෙන යන්න මහජන අදහස් විමසයි.

Editor O

President and Prime Minister to discuss Cabinet reshuffle today

Mohamed Dilsad

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය

Mohamed Dilsad

Leave a Comment