Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි තබයි.

වැලිගම, උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවය.

අද අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂාව ද ලබාගෙන තිබූ බවය. වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

වෙඩිකරුවන් වෙත පොලීසියෙන්ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පළාගිය බව පොලීසිය ප්‍රකාශ කරයි.

Related posts

President to visit Japan, India

Mohamed Dilsad

ජන ජීවිත අවුල් කරන ස්ථිර මාර්ග බාධක ඉවත් කරන්න

Mohamed Dilsad

ඉදිරි පැය 24 සදහා බලපැවැත්වෙන පරිදි තද සුළං අවදානමක්

Mohamed Dilsad

Leave a Comment