Trending Newsඑසැන පුවත්දේශීය

සරත් ෆොන්සේකාටගේ නඩුවකට අදාළව අධිකරණ දුන් නියෝගය

කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඔහු ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 04 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියම කළේය. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවිය.

එහිදී අද (16) දින සාක්ෂි දීමට නියමිතව සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරිය අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 04 වනදා දක්වා කල් තැබීමට නියෝග කළාය.

2006 වසරේ අප්‍රේල් මස 25 වනදා කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ඉළක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරය හරහා ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා 27 ක් මත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.
 

Related posts

முச்சக்கர வண்டிகளிலும் கட்டண மீற்றரை பொருத்தும் நடவடிக்கை அமுலாகிறது

Mohamed Dilsad

කොරෝනා නිසා බණ්ඩාරනායක මාවතේ වතු 4 ක් පරීක්ෂාවට

Mohamed Dilsad

Norway supports SLPI global conference on Colombo Declaration

Mohamed Dilsad

Leave a Comment