Trending Newsඑසැන පුවත්දේශීය

ළමයි 50ට වඩා අඩු ප්‍රාථමික පාසල් 1557ක් වහන සැලැස්මක් ගැන ලංකා ගුරු සංගමයෙන් අනාවරණයක්

ළමයි 50ට වඩා අඩු ප්‍රාථමික පාසල් 1557ක් අයිඑම්එෆ් යෝජනා මත වසා දැමීමට පියවර ගනිමින් සිටින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

රටේ පාසල් වසා දැමීමේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ සේවකයන් අඩු කිරීම සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අයිඑම්එෆ් යෝජනාවකට අනුකූල වීම බවත් මෙම ක්‍රියාවලිය ඒම දරුවන්ට පාපැදියක් ලබාදීම වැනි දිරිගැන්වීම් මගින් සිදු කිරීමට සූදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම පාසල් වසා දැමීම තුළින්, එම පාසල්වල සේවය කරන ගුරුවරුන් 9830ක් පමණ ගුරුවරුන් සංඛ්‍යාව ඉවත් කිරීමේ උපක්‍රමයක් ලෙස මෙය සිදු කරන බවයි.

ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ, ප්‍රාථමික පාසලක ළමයින් අඩු යැයි කියා එය වසා දැමීම නොකරන අතර, ඇමරිකාව වැනි රටවල පවා මෙවැනි පාසල් පවත්වාගෙන යන බවයි.

තවද, වසා දැමෙන පාසල් ආසන්නයේම ජනප්‍රිය හෝ ඉතා ජනප්‍රිය පාසලක් තිබුණද, එම අවස්ථාවද මෙම දරුවන්ට අහිමි කර ඇති බවට ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා චෝදනා කරයි.

Related posts

ஜனாதிபதி தலைமையில் தேசிய இராணுவ வீரர்கள் தினம் இன்று

Mohamed Dilsad

Prevailing showery condition to further enhance

Mohamed Dilsad

ජනක රත්නායකට එල්ල වූ මරණ තර්ජන සිද්ධියේ විමර්ශන තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment