Trending Newsඑසැන පුවත්දේශීය

පාසල්වල සිසුන් වැඩියෙන් වතුර බිව්වොත් ආණ්ඩුව බිල ගෙවන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්

පාසල්වල ජල බිල්පත් ගෙවීමේදී එක් ශිෂ්‍යයකුට මසකට ලීටර් 400 ක් වැයවන බවට සම්මත කරමින් රජය මුදල් ගෙවන බවත් ඉන් වැඩිවන සෑම බිල්පතක් සඳහාම පාසල මගින් මුදල් සොයා ගත යුතු බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ජල තටාක සහ වෙනත් අවශ්‍යතා සඳහා ජල සැපයුම සම්බන්ධතා ලබාගෙන නැත්නම් ඒවායේ බිල්පත් පාසල මගින් ගෙවිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන්.

පාසල්වල පිහිටි විදුහල්පති නිවාස ගුරු නිවාසවල ජල බිල්පත් ඒවායේ පදිංචිකරුවන් විසින් ගෙවිය යුතුය.

ඒ අනුව පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් පුද්ගලයකුට දිනකට ජලය ලීටර් විස්සක් වැයවන බවට ගණනය කර දින විස්සක් සඳහා එනම් මසකට ලීටර් 400 ක් සදහා පමණක් රජයේ මුදලින් බිල්පත් ගෙවන බව ද සඳහන්.

මින් ඉදිරියට පාසල්වලට ජල බිල්පත් ලැබීමේදී රජයේ ගාස්තුව සහ අමතර ගාස්තුව යනුවෙන් කොටස් දෙකකින් යුතුව බිල්පත නිකුත් කිරීමට නියමිත අතර අමතර ගාස්තු යටතේ ඇති මුදල පාසල් සංවර්ධන සමිතියේ අරමුදලින් ගෙවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන්.

Related posts

பாதாள உலகத்தினரை ஒழித்துக் கட்டுவதற்காக கடுமையான தீர்மானங்கள் அவசியம்- பொலிஸாருக்கு பணிப்பு

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි

Mohamed Dilsad

எத்தகைய சவால்கள் ஏற்பட்டாலும் நாட்டின் பொருளாதாரத்தை வீழ்ச்சியடைய இடமளிக்கப்பட மாட்டாது

Mohamed Dilsad

Leave a Comment