Trending Newsඑසැන පුවත්දේශීය

පාසල්වල සිසුන් වැඩියෙන් වතුර බිව්වොත් ආණ්ඩුව බිල ගෙවන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්

පාසල්වල ජල බිල්පත් ගෙවීමේදී එක් ශිෂ්‍යයකුට මසකට ලීටර් 400 ක් වැයවන බවට සම්මත කරමින් රජය මුදල් ගෙවන බවත් ඉන් වැඩිවන සෑම බිල්පතක් සඳහාම පාසල මගින් මුදල් සොයා ගත යුතු බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ජල තටාක සහ වෙනත් අවශ්‍යතා සඳහා ජල සැපයුම සම්බන්ධතා ලබාගෙන නැත්නම් ඒවායේ බිල්පත් පාසල මගින් ගෙවිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන්.

පාසල්වල පිහිටි විදුහල්පති නිවාස ගුරු නිවාසවල ජල බිල්පත් ඒවායේ පදිංචිකරුවන් විසින් ගෙවිය යුතුය.

ඒ අනුව පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් පුද්ගලයකුට දිනකට ජලය ලීටර් විස්සක් වැයවන බවට ගණනය කර දින විස්සක් සඳහා එනම් මසකට ලීටර් 400 ක් සදහා පමණක් රජයේ මුදලින් බිල්පත් ගෙවන බව ද සඳහන්.

මින් ඉදිරියට පාසල්වලට ජල බිල්පත් ලැබීමේදී රජයේ ගාස්තුව සහ අමතර ගාස්තුව යනුවෙන් කොටස් දෙකකින් යුතුව බිල්පත නිකුත් කිරීමට නියමිත අතර අමතර ගාස්තු යටතේ ඇති මුදල පාසල් සංවර්ධන සමිතියේ අරමුදලින් ගෙවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන්.

Related posts

New Chief Justice appoints today?

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறுதினத் தாக்குதல்கள்களை கண்டறியும் தெரிவுக்குழுவுக்கு 8 பேர் நியமனம்

Mohamed Dilsad

Drone camera falls on Ruwanweli Mahaseya during ‘Kapruka Pooja’

Mohamed Dilsad

Leave a Comment