Trending Newsඑසැන පුවත්දේශීය

ක‍්‍රිප්ටොකරන්සි සඳහා බදු පැනවූ ලොව පළමු රට ශ්‍රී ලංකාව වේවි – හිටපු අමාත්‍ය චම්පික රණවක

බ්ලොග්චේන් තාක්ෂණය සහ ක‍්‍රිප්ටොකරන්සි සඳහා වැට් බදු පැනවූ ලෝකයේ පළමු රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්වුණු ඇති බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.

ක්‍රිප්ටොකරන්සි හා බ්ලොග් චේන් තාක්ෂණය සඳහා බදු පැනවීමට හැකියාවක් කිසිසේත්ම නොමැති බවත් ඇමෙරිකානු රාජ්‍ය බුද්ධි අංශයට පවා එය කළ නොහැක්කක් බවත් හෙතෙම කියා සිටී.

නමුත් ක‍්‍රිප්ටො මුදල් වලින් සිදු කරන ගෙවීම් සදහා යම් බද්දක් පැනවීමට හැකිව ඇතත් ඒ සඳහා ගෙවීම් ලබන පාර්ශවයේද සහායක් අවශ්‍ය වනු ඇති බවත් හෙතෙම පවසයි. නමුත් වර්තමාන ආණ්ඩුවේ ඉතා ඉහළ සබුද්ධිමතුන් රාශියක් සිටින නිසා එවන් දෙයක් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමන් සුළු කොට නොසිතන බවද හෙතෙම පැවසුවේය.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ක‍්‍රිප්ටෝ හා බ්ලොක්චේන් තාක්ෂණය සමඟ ගැටුමකට නොයා යම් ලිහිල් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ එම ගනුදෙනු නියාමනය කිරීමේ ඇති නොහැකියාව නිසා බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

Kohli named in TIME’s ‘Most Influential’ list

Mohamed Dilsad

“If Sajith elected, new faces at UNP’s helm” – Nalin Bandara Jayamaha

Mohamed Dilsad

සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයන්ට තැපැල් ඡන්ද පහසුකම්

Mohamed Dilsad

Leave a Comment