Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකාවෙන් පැනවූ තීරු බද්ධ තව දුරටත් අඩු කර ගැනීමට ආණ්ඩුව උපක්‍රමශීලීව කටයුතු කළ යුතුයි – නාමල් රාජපක්ෂ

ඇමෙරිකාවෙන් පැනවූ තීරු බද්ද තවදුරටත් අඩුකරගැනීමට, ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරික ඇහැකින් බලා උපක්‍රමශීලිව සාකච්ජා පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයාට දුක සිතී සියයට 44% සිට 30% දක්වා බදු අඩුකිරීමක් කර ඇති බවත්, වත්මන් ආණ්ඩුව බදු අඩු කර ගැනීම සඳහා සාධනීය මැදිහත්වීමක් කර නැති බවත්, මන්ත්‍රීවරයා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. ”අපි මුල ඉදන්ම කිව්වා ආණ්ඩුව මීට වඩා මැදිහත්වෙලා සාකච්ජා කළ යුතුයි කියලා. ඒවගේම කලාපීය වශයෙන් රටවල් එක්ක එකතු වෙලා යම් තීරණාත්මක තීන්දුවලට එළඹෙන්න ඕනේ. ආණ්ඩුව මේක සැහැල්ලුවට ගත්තා. ලිඛිතව යැව්වා. 14%ක් කලින්ට වඩා අඩුවෙලා කියල ආණ්ඩුව සතුටු වෙනවා. හැබැයි යථාර්තය 30%ක බද්දක් ලංකාවෙන් අයකරල තියෙනවා. මේක සෘජුවම ලංකාවේ ආර්ථිකයට වගේම නොයෙක් ක්ෂේත්‍රවලට බලපානවා.”

ර පවතින තත්ත්වයෙන් මිදීම සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීම මෙන්ම කලාපයීය ගිවිසුම් ගතවීමත් වැදගත් බවද නාමල් රාජපක්ෂ මහතා කීවේය.

Related posts

தேடப்பட்டு வந்த லொறி கைப்பற்றப்பட்டுள்ளது

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන්ට මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය ලබාදීමට අනුමැතිය

Mohamed Dilsad

இன்று(14) நடைமுறைப்படுத்த திட்டமிடப்பட்டிருந்த சுகயீன விடுமுறைப் போராட்டம் கைவிடப்பட்டது

Mohamed Dilsad

Leave a Comment