Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකාවේ ගංවතුරක් : විශාල පිරිසක් පීඩාවට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ටෙක්සාස් හිල් කන්ට්‍රි හි එක දිගට පැවති තද වැසි හේතුවෙන්, මෙම තත්ත්වය ඇතිවී තිබේ .

සිකුරාදා ( 24 ) දිනයේදී ගිම්හාන කඳවුරකට සහභාගී වූ ගැහැණු ළමයින් 20 දෙනෙකු පමණ ඇතුළුව තවත් බොහෝ දෙනෙකුගේ එසේ අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දේ . එම කඳවුරට ගැහැණු ළමුන් 750ක් පමණ සහභාගී වී හිඳ තිබේ .

ටෙක්සාස් ප්‍රාන්තය හරහා ගලා බසින ග්වාඩලූප් ගඟේ ජල මට්ටම මිනිත්තු 45ක් ඇතුළත, අඩි 26ක් පමණ ඉහළයෑම මෙම ආපදා තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. එම ප්‍රාන්ත ආණ්ඩුකාර ලුතිනන් ඩෑන් පැට්‍රික් මාධ්‍යට පවසා ඇත්තේ , අතුරුදන් වූවන් සෙවීමේ දැඩි සෝදිසි මෙහෙයුම් ආපදා අංශ මගින් ආරම්භ කර ඇති බවයි. ගලවාගැනීමේ හා සෙවීමේ කණ්ඩායම් වේගයෙන් ගලා යන ගංවතුරේ බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදා ගනිමින් , ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරමින් තිබේ .

Related posts

Microsoft to open UAE data centres by early next year

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

Mohamed Dilsad

ஹெரோயின் போதைபொருளுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment