Trending Newsඑසැන පුවත්දේශීය

ගාලු මුවදොර අනවසර වෙළෙදුන්ට ඉවත්වෙන්න අවසන් දින දෙයි

කොළඹ ගාලුමුවදොර ආශ්‍රිත මාර්ගවල වෙළඳාම් කටයුතු සිදු කරන වෙළඳුන් ඉවත් කිරීම සඳහා ඊයේ (04) පස්වරුවේ පොලිසිය පැමිණියේය. එහෙත් අදාළ වෙළඳුන් එම ස්ථානවලින් ඉවත්වීමට එකඟ නොවූ අතර, ඊට ඔවුන්ගේ විරෝධයද පළ කළා.

කෙසේ වෙතත් පොලිසිය සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව අද සහ හෙට දිනයේ වෙළඳාම් කටයුතු සිදු කරගෙන යෑමට පමණක් ඔවුන්ට අවසර දුන්නේය.

ඊට අමතරව මෙහි වෙළඳාම් කටයුතු සඳහා අවසර දීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි කටයුතු පිළිබඳව වරාය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට එළඹෙන සඳුදා එම වෙළඳුන්ගෙන් 6 දෙනෙකුට අවස්ථාව ලැබිණ.

ගාලු මුවදොර පරිශ්‍රය වරාය අධිකාරිය යටතේ මෙහෙයවීම් කටයුතු සිදුකෙරෙන එහි වරාය කළමනාකරණ උපදේශන පෞද්ගලික සමාගම පවසන්නේ විධිමත් ක්‍රමවේදයකට වෙළඳ කටයුතු සැකසීම සඳහා අදාළ වෙළඳුන් ඉවත් කරන බවකි.

මේ අතර, ගාල්ල නගරයේ මහා මාර්ග ඇතුළු මාර්ග රක්‍ෂිත සීමාවල ඉදිකර ඇති සියලු අනවසර ඉදිකිරීම් ලබන 11 වැනිදාට පෙර ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඊයේ (04) දැනුම් දුන්නේය. එලෙස ඉවත් නොකරන සියලු අනවසර ඉදිකිරීම් සහ දැන්වීම් පුවරු ඉවත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රසිද්ධ දැනුම්දීමක් කළා.

Related posts

මෙරට එන්නත්කරණයේ ප්‍රගතිය

Mohamed Dilsad

‘සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ ‘

Mohamed Dilsad

Captain Iyer destroys KKR

Mohamed Dilsad

Leave a Comment