Trending Newsඑසැන පුවත්ක්‍රීඩා

ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක්

ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (05) අළුයම 12:30ට පමණ පල්මා ඩි මයෝර්කා ගුවන් තොටුපළේදී මෙම සිදුවීම සිදුව ඇත. අදාළ ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට මැන්චෙස්‍ටර් ගුවන්තොටුපොළ දක්වා ගමන් කිරීමට නියමිතව තිබී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනාගෙන් පුද්ගලයින් 06 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවය. ගුවන් තොටුපළ ගිනි නිවන භටයින්ගේ සහ සිවිල් නිලධාරීන්ගේ සහාය ඇතිව ගුවන් යානයේ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.

Related posts

எதிர்வரும் வெள்ளிக்கிழமை முதல் வாக்காளர் அட்டை விநியோகம்

Mohamed Dilsad

கட்டுப்பாட்டு விலையை மீறும் வர்த்தகர்களுக்கு எதிராக சட்டநடவடிக்கை

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment