Trending Newsඑසැන පුවත්දේශීය

ලියාපදිංචි නොකළ, හෘද සැත්කම් එන්නත් ගැන පරීක්ෂණ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර ‘බැගේජ්’ මගින් මෙරටට ගෙන්වා හෘද රෝග සැත්කම් සඳහා දෙන පැපරින් නමැති එන්නත වෙළෙඳපොළේ අලෙවි කරන බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ ඖෂධහල් දෙකක උසස් නිලධාරින්ගෙන් ඔවුන් සතුව ඇති අදාළ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සතු ලියකියවිලි පසුගිය සිකුරාදා (04 වැනිදා) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පරීක්ෂා කරනු ලැබීය. එහිදී අදාළ නිලධාරින් වාර්තා කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

එම ඖෂධහල් දෙකෙන් එකකට මීට පෙර ලියාපදිංචි නොකළ ඖෂධ මෙරට තුළ අලෙවි කිරීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පැපරින් එන්නත ලියාපදිංචි නොකර මෙරට තුළ අලෙවි කරන බවට ජාතික සිවිල් බුද්ධි පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි.

පැපරින් නම් එන්නත රුපියල් 76,000 ට වෙළෙඳපොළෙහි අලෙවි වන අතර එය රුපියල් 321 කට ලබාගැනීමට හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජයමුනි පසුගියදා අනාවරණය කළත් එම මුදලට මෙතෙක් එම එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාගෙන නොමැත.

මේ අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන්, ඖෂධ ආනයනකරුවන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡාවක්ද සිකුරාදා (04 වැනිදා) පැවැත්විණි.

එහිදී ද අදාළ ඖෂධ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් ප්‍රකාශ කළේ එන්නත රුපියල් 321 කට ගත හැකි බවයි.

මේ අතර මෙම එන්නත ඇතුළු තවත් එන්නත් හා ඖෂධ ඉන්දියාවේ සිට පැමිණෙන මගීන් සිය ගමන්මලුවල රැගෙන එන බවට තොරතුරු ලැබී ඇති බවද ඖෂද ආනායනකරුවන් මෙහිදී පෙන්වා දී තිබේ.

Related posts

காமினி செனரத்துக்கு எதிரான வழக்கின் மேலதிக விசாரணை ஒத்திவைப்பு

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ජනාධිපතිවරණයේදී සජිත්ට සහය දීමට තීරණය කිරීම සහ ඉන්දීය ආරක්ෂක උපදේශකගේ ශ්‍රී ලංකා සංචාරය

Editor O

Katie Holmes steps out amidst news of split with Jamie Foxx

Mohamed Dilsad

Leave a Comment