Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයට බලය ලැබුණ පළාත් පාලන ආයතන ආදර්ශමත් ලෙස ගොඩනගනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සමගි ජන බලවේගය, විපක්ෂයේ සියලු ම කණ්ඩායම් සමග ඒකාරාශි වී ගොඩනැගු පළාත් සභා, නගර සභා හා පළාත් පාලන ආයතනවල නිසි ලෙස සේවා ඉටු කිරීම සම්බන්ධ පළමු පියවර අද හම්බන්තොට මහනගර සභාවෙන් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසනවා.

එහි දි සමගි ජන බලවේගය හා සෙසු පක්ෂ එකට එකතු වී බිහි කළ සභා හරහා වගකියන, වගවෙන, විනිවිදභාවයෙන් යුක්ත විධිමත් දූෂණයෙන් තොර සේවාවක් එම බල ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන බවත්, ඒ යටතේ මේ ආයතන ආදර්ශමත් පළාත් පාලන ආයතන බවට පත් කර ප්‍රජා කේන්ද්‍රීය ප්‍රජා සහභාගීත්ව හා ප්‍රජාව මුල් තැනට දැමූ ශක්තිමත් සේවාවක් ඉටු කරන බව විපක්ෂ නායකවරයා සදහන් කළා.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ තවද විපක්ෂයේ සිට මේ ක්‍රියාව කිරීම අභියෝගයක් බවත්, සම්පත් ගැටලු, ප්‍රතිපාදන ගැටලු මෙන් ම රාජ්‍ය බලය අහිමි වී ඇති මොහොතක බල ප්‍රදේශයේ ජනතාවට වැදගත් සේවාවක් ඉටු කරන බවයි.

ආදර්ශමත් පළාත් පාලන ආයතන බිහි කර ජනතාවට ලබා දිය යුතු විශිෂ්ට සේවාව දූෂණයෙන්, වංචාවෙන්, හොරකමින්, අකටයුතුකම්වලින් තොරව ජනතාවට දැනෙන ලෙස සිදු කර ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ විධිමත් කාර්යපටිපාටියක් අනුගමනය කර ගම් හදා, නගර හදා ,රට හදන සංකල්පය යථාර්ථයක් බවට පත් කරන බවයි.

Related posts

ஜனாதிபதி தலைமையில் வடக்கு அபிவிருத்தி மற்றும் பொதுமக்கள் குறித்து ஆராய்வு

Mohamed Dilsad

Maritime coalition launched to protect Gulf shipping after Iran attacks

Mohamed Dilsad

இலங்கைக்கு அழுத்தம் கொடுக்குமாறு வலியுறுத்தல்

Mohamed Dilsad

Leave a Comment