දේශීය

සියලු තැපැල් කාර්යාල ලබන මස සිට විවෘතයි

(UTV | කොළඹ) – සියලු තැපැල් කාර්යාල ලබන මස 4 වනදා සිට සාමාන්‍ය රාජකාරි සඳහා විවෘත කෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ඒ අනුව මැයි මාසයට අදාළ මහජන ආධාර සහ වැඩිහිටි දීමනා, ගොවි විශ්‍රාම වැටුප් සහ විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුලුවලදී ගෙවීමට කටයුතු යොදා තිබේ.

තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජල, විදුලි, දුරකථන බිල්පත් ගෙවීමට මෙන්ම, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු කිරීමට සහ දේශීය තැපෑල සඳහා ලිපි හා තැපැල් භාණ්ඩ භාරදීමට ද, ජනතාවට හැකියාව පවතින බවයි.

Related posts

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් වෙළඳසැල් විවෘත කිරීමට අවසර නැහැ

Mohamed Dilsad

හර්ෂ – දිලුම් – හිස්බුල්ලා ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

රාගම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment