කලාවිදෙස්

ඉන්දියාවේ සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට

(UTV | ඉන්දියාව) – ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් පිළිකාවක් හේතුවෙන් අද (29) ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු මුමාබායි හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගිය බවයි.

ඔහු මියයන විට 54 වන වියෙහි පසුවූ අතර වසර දෙකක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන්ද පෙළුණි.

ස්ලම්ඩෝග් මිලියනර්, ජුරාසික් වර්ල්ඩ්, බිල්ලු බාබර්, පීකු සහ ලයිෆ් ඔෆ් පයී, Inferno, Blackmail ඔහු රංගනයෙන් දායකවූ චිත්‍රපට කිහිපයකි.

ඉන්දීය සිනමාවේ මෙන්ම හොලිවුඩ් සිනමාවේද සිය රංගන දක්ෂතා දක්වූ ඔහු, බටහිර සිනමාවේ ස්ථාවර ලකුණක් තැබූ පළමු ඉන්දීය නළුවන් අතරටද ඇතුලත්.

Related posts

කරිනාට නෙගටිව්

Mohamed Dilsad

අප්‍රිකාවට යලි ඉබෝලා අවධානම

Mohamed Dilsad

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment