Trending Newsඑසැන පුවත්දේශීය

ඇගිලි සළකුණු යන්ත‍්‍ර පැත්තකට දමා සෞඛ්‍ය සේවයේ කෝටි 3923ක් හොරට අතීකාල ගෙවලා…

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැයකර ස්ථාපිතකර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 ක් භාවිතයට නොගෙන අක්‍රියව තිබියදී නීති විරෝධී ලෙස අනිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් කෝටි 3,923 ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දීමනා නොගෙවීමට වග බලා ගත යුතු බවට භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලිව උපදෙස් දී තිබියදී, එයට පටහැනි ලෙස 2023 වර්ෂයේදී වර්ෂයේදී අතිකාල අතිකාල හා නිවාඩු දින වැටුප් මෙසේ ගෙවා තිබූ බව ද එම වාර්තාවේ දැක්වේ.

මෙසේ අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර තිබුණු මුළු මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72 ක් පමණ වූ බව එම වාර්තාව සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව තිරසර සංවර්ධන දර්ශක තිස් එකෙන් දර්ශක දහතුනක් සඳහා 2023 වර්ෂයට අදාළ ප්‍රගතිය වාර්තා කර නොතිබුණු බව පවසන විගණන අංශ ප්‍රගතිය වාර්තා කරන ලද දර්ශක දොළහකට අදාළ දර්ශකවල අවශ්‍ය කාර්ය සාධන මට්ටම ළඟා කරගෙන නොතිබුණු බව ද ප්‍රකාශ කරයි.

මේ අතර 2022 හා 2023 වර්ෂවල රුපියල් කෝට් 2,200 කට වැඩි වටිනාකමක් සහිත ප්‍රසම්පාදන 663 කට අදාළ හදිසි ප්‍රසම්පාදන කර තිබූ නමුත් එම ප්‍රසම්පාදන එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Related posts

விமல் வீரவன்ச மற்றும் பிரசன்ன ரணவீரவுக்கு பாராளுமன்ற அமர்வுகளில் கலந்து கொள்வதற்கு தடை

Mohamed Dilsad

රජයේ ගබඩා සඳහා වී ලබාදෙන ගොවීන් වෙත සහතික මිලට වැඩියෙන් රුපියල් 2ක් වී කිලෝවකට ගෙවනවා. – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

Editor O

Iran’s Rouhani rules out Trump meeting until US lifts sanctions

Mohamed Dilsad

Leave a Comment