Trending Newsඑසැන පුවත්දේශීය

සහල් මාෆියාව පාලනය කිරීමට ආණ්ඩුව මැදිහත්විය යුතුයි – බත්තරමුල්ලේ සීලරතන හිමි

සහල් මාෆි­යා­වට ඉඩ නොදී සහල් බෙදා හැරීම සඳහා සහන ක්‍රම­යක් ඇති කිරී­මට රජය පිය­වර ගත යුතු බව බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. ජන­සෙත පෙර­මුණේ පක්ෂ කාර්යා­ල­යේදී මාධ්‍ය හමු­වේදී උන් වහන්සේ මේ බව සඳ­හන් කළහ.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක් වූ උන් වහන්සේ මෙසේ ද ප්‍රකාශ කළහ. “මේ වෙන­කොට වෙළෙ­ඳ­පොළේ කීරි සම්බා නැහැ කියලා ජන­තාව චෝදනා කර­නවා. සහල් මාෆි­යා­වට ඉඩ දෙන්න එපා කියලා මම වෙළෙඳ ඇමැ­ති­ගෙන් ඉල්ලා සිටි­නවා. මේ කීරි සම්බා මාෆි­යා­වට ඉඩ දෙන්න එපා. සහල් මාෆි­යා­වට ඉඩ දෙන්න එපා.ඒ වගේම ගොවි ජන­තා­වගේ ප්‍රශ්න හඳු­නා­ගෙන ගොවි­යාට ප්‍රමු­ඛ­තාව දෙන්න රජය පිය­වර ගත යුතුයි.ගොවි­යාගේ කර උඩින් රජය පිහි­ටෙ­ව්වත් ගොවීන්ට මේ වෙන­කම් රජ­යෙන් කිසි සහ­න­යක් දීලා නෑ කියලා ගොවියා චෝදනා කර­නවා. කීරි සම්බා සහ අනෙ­කුත් සහල් සහන ක්‍රම­යට දෙන්න පිය­වර ගන්න කියලා අපි රජ­යෙන් ඉල්ල­නවා” යැයි ද කීවේය.

Related posts

5000 ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Warner’s century leads Australia to victory over spirited Pakistan

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment