Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බදු නිසා පොත් මිල ඉහළ ට

එකතු කළ අගය මත පනවන බදු හෙවත් වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

ජාතික පොත්  ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරයට එක්වෙමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති  සමන්ත ඉන්දීවර මහතා මේ බව ප්‍රකාශ කළේය.

“20%ක් ඒ කියන්නේ 5න් එකක පමණ ප්‍රමාණයකින් පොතක මිල වැඩිවෙලා තියෙනවා. නිලධාරීන් පටලවාගෙන ඉන්නවා 15%ක් තිබුණා කලින් වැට් බද්ද ලිපි ද්‍රව්‍ය ආදි සියලුම දේට. නමුත් මුද්‍රිත පොතට තිබුණේ නෑ වැට් බද්දක්. ඒක තමා 0 – 18% කෙලින්ම එකතු වුණේ. ලිපි ද්‍රව්‍යවලට තිබුණේ 3%ක් විතරයි. මේ කාරණා දෙක තමා පටලවාගෙන ඉන්නේ. සුමානෙකට විතර කලින් අපිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිපියක් ඇවිත් තියෙනවා වැට් සම්බන්ධයෙන් ඒ අය යම් විශ්ලේෂණයක් කරගෙන යන ගමන් ඉන්නේ ඉන් පසුව පිළිතුරක් ලබාදෙනවා කියලා.”

ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ අනුශාසක ගාමිණී මොරගොඩ මහතා ද ඒ සම්බන්ධයෙන් මාධ‍්‍යට මෙලෙස අදහස් පළ කළේය.

“ලෝකයේ කිසිම රටක අය කරන්නේ නැති වැට් බද්දක් අපේ පොත් සඳහා අයකරනවා. ලංකාවේ අවුරුදු 75කට තිබුණේ නැති වැට් එකක් 2024 ජනවාරි මාසයේ ඉඳලා අයකිරීම පොත් ව්‍යාපාරයේ විනාශයට හේතුවෙලා. මේක ඉස්සරහටත් තිබුණොත් දරුවෙකුට පොතක් මිලදී ගැනීමට නොහැකි වෙනවා.”

Related posts

ஜெர்மனியில் இரண்டாம் உலக போரின் போது வீசப்பட்ட வெடிகுண்டு கண்டுபிடிப்பு

Mohamed Dilsad

என் வழி தனி வழி.. ஒரு விடியோவில் கிரிக்கெட் ரசிகர்களை கவர்ந்த யுவராஜ்

Mohamed Dilsad

Gal Gadot gets a “Red Notice”

Mohamed Dilsad

Leave a Comment