Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේනයට අමතර පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති ලබා දිය හැකි බව පවසා ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි.

ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුක්රේන වාර්තාකරුවෙකු ට්‍රම්ප්ගෙන් එසේ කිරීමට සලකා බලන්නේ දැයි විමසීමේ දී පවසා ඇත්තේ “සමහර විට” යනුවෙනුයි.

සතියේ මුලදී නෙදර්ලන්තයේ පැවති නේටෝ සමුළුවට සමගාමීව යුක්රේන වාර්තාකරුවෙකු සමඟ කතා කරමින් සිටියදී ඔහු ඒ හැකියාව පිළිබඳව ඉඟි කර තිබූ බව මාධ්‍ය වාර්තා කර ඇත. එම වාර්තාකරු විමසා ඇත්තේ එක්සත් ජනපදය, යුක්රේනයට පේට්‍රියට් මිසයිල විකිණීමට සූදානම්ද යනු වෙනුයි.

ට්‍රම්ප් අනුකම්පා සහගත ලෙස ඇය කොහෙන්ද සහ ඇගේ සැමියා සොල්දාදුවෙක් දැයි විමසා තිබේ. පසුව ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, ට්‍රම්ප් පවසා ඇත්තේ, “අපි ඒවායින් සමහරක් ලබා දිය හැකිදැයි බලමු” යනුවෙනුයි.

Related posts

කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම අද

Mohamed Dilsad

ගංඟාරාම නවම් පෙරහැර වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

விமானம் ஒன்றில் குண்டு இருப்பதாக அச்சமூட்டிய இலங்கையர் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment