Trending Newsඑසැන පුවත්දේශීය

වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නතර කර මාසයකට ආසන්නයි…!

වාහන සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම මාසයක පමණ කාල සීමාවක් අඩාළ වීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පහළොස් දහසක පමණ වාහන ලැයිස්තුවක්, අංක තහඩු මුද්‍රණය සඳහා ගොඩගැසී ඇති බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය. මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ගැටලු මත අත්හිටුවන ලද අංක තහඩු මුද්‍රණය එම සමාගම පසුගිය මාර්තු මාසයේදී යළි ආරම්භ කර අප්‍රේල් 30 වැනිදා සිට යළි නවතා දමා ඇත. 

එබැවින් අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට සමාගම් පහළොවක් ඒ සඳහා ඉදිරිපත්ව ඇති බව හෙතෙම පැවසීය.

තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් අදාළ සමාගම්වලින් සාම්පල් ගෙන්වා එහි යෝග්‍යතාව පරීක්ෂා කිරීම මේ වන විට සිදුවන බව ඒ මහතා පවසා සිටියේය. ඒ අනුව ඉදිරි මාස දෙක තුළ දී අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරාගෙන ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කළ හැකි බවද හෙතෙම කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අංක තහඩු මුද්‍රණය සඳහා දුන් පසු ඇතැම් වාහන හිමියන් එම අංක තහඩු රැගෙන නොයෑම හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ගබඩා තුළ මුද්‍රණය කළ අංක තහඩු ගොඩගැසී ඇති බවයි.

-අරුණ-

Related posts

China to host 2023 Asian Cup after Korea withdraw bid

Mohamed Dilsad

வவுனியா வைத்தியசாலையில் பாலியல் துஷ்பிரயோகம்

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීලගේ වැටුප පක්ෂ අරමුදල ට බැරවීම පිළිබඳ අධිකරණයට යනවා – නීතීඥ ශිරාල් ලක්තිලක

Editor O

Leave a Comment