Trending Newsඑසැන පුවත්දේශීය

ගාල්ල නගර සභාව නගරාධිපති මාලිමාවෙන් – නියෝජ්‍ය නගරාධිපති පොහොට්ටුවෙන්

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස මාලිමාවේ සුනිල් ගමගේද, නියෝජ්‍ය නගරාධිපති ලෙස එහි හිටපු නගරාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා ද පත්ව තිබේ.

නගරාධිපති තේරීම සඳහා රහස් ඡන්දයක් අද (20පැවති අතර, රහස් ඡන්දයට විරෝධය පළ කළ විපක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ. ඡන්ද විමසීමේදී සුනිල් ගමගේ නගරාධිපතිවරයා ලෙස පත්වෙමින් ඡන්ද 19ක් ලබාගත් අතර ඔහුට විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබින. රහස් ඡන්ද විමසද්දී විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගැබෙන් පිටව ගොස් සිටීම එයට හේතවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රියන්ත සහබන්දු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස නිතරගයෙන් තේරීපත් විය.

Related posts

ගම්පොළ සිදුවූ මාරක රිය අනතුරින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

மாணவர்களது புத்தக பையின் எடையை குறைப்பதற்காக விசேட திட்டம்

Mohamed Dilsad

පොහොට්ටුවෙන් විජේදාසට විනය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment