Trending Newsඑසැන පුවත්දේශීය

මුද්දර ගාස්තු ඉහළ දැමීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

මුද්දර ගාස්තු ඉහළ දැමීම සදහා මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන පනත) පනත යටතේ ප්‍රකාශයට පත්කළ
නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා.

රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබා දී ඇත්තේ 2006 අංක 12 දරන මුද්දර ගාස්තු පනත (විශේෂ විධිවිධාන පනත) යටතේ ක්‍රියාත්මක මුද්දර බදු පනතේ 3
වන වගන්තිය මගින් මුද්දර ගාස්තු ඉහළ දැමීම සදහා ප්‍රකාශයට පත්කළ නියෝගයකට අනුවයි.

පාර්ලිමේන්තුව මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ
අවස්ථාවේදී මේ තී‍රණයට එළඹ තිබුණා.

2025 අප්‍රේල් 01 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අය වැයේදී යෝජනා වූ ආකාරයට මෙලෙස
මුද්දර ගාස්තු ඉහළ දැමීම සදහා යෝජනා කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශයේ
නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නා.

ඒ අනුව ඕනෑම දේපළක කල් බද්ද මත මුද්දර බද්ද අය කරනු ලබන අතර, 2025 අය වැය මගින් පෙර පැවති අනුපාතය සෑම රුපියල් 1,000ක් සදහා අය කල රු.10ක
මුදල, රුපියල් 20 දක්වා මෙමගින් ඉහළ දමන බව කාරක සභාවට පැහැදිළි කළා.

තවද මෙම සශෝධනය මගින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.01% ක අතිරේක අදායමක්
බලාපොරොත්තු වන බවද මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නා.

තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ ඉදිරි පත්කළ රෙගුලාසි දෙකක්
සදහා කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුව මේ යටතේ 2020 සිට ආනයන සීමා කිරීම්වලට යටත් වූ භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීම
සදහා කාරක සභාවේ අනු මැතියට ඉදිරි පත් කර තිබුණා.

තවද මෙදින කාරක සභාවේ දී සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සදහා වූ පනත් කෙටුම්පත
පිළිබඳව ද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළා.

Related posts

சாதாரணத் தரப் பரீட்சையில் சுகாதாரப் பாடத்தை கட்டாயப் பாடமாக்க நடவடிக்கை

Mohamed Dilsad

මලල ක්‍රීඩිකාවක් සියදිවි නසා ගනී

Mohamed Dilsad

Saudi Arabia deported Over 10,000 in one week

Mohamed Dilsad

Leave a Comment