Trending Newsඑසැන පුවත්දේශීය

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය පත් කිරීමේ යෝජනාවක්

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය යෝජනා කරමින් ජනාධිපති අනුර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් එසේ ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය නම නිර්දේශකර ඇත්තේ අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පසුගිය 16 දා විශ්‍රාම ගැනීමෙන් වූ පුරප්පාඩුව සඳහාය.

මේ අතර අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර්, අද (ජුනි මස 18) දිනයේ විශ්‍රාම ගැන්වීමට නියමිත අතර එළඹෙන ජුනි 20වැනිදා ඇතිවන්නට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා ඔහුව පත්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශයක් ඉදිරිපත් කර ඇතැයි ද වාර්තාවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

Related posts

Sri Lanka dispatches largest business delegation to London

Mohamed Dilsad

Commissioner of Prisons Department arrested over Welikada riot

Mohamed Dilsad

Secretaries for four Ministries appointed

Mohamed Dilsad

Leave a Comment