Trending Newsඑසැන පුවත්දේශීය

සත්ත්ව සංගණනයේ නිර්දේශ මෙන්න

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව මගින් ප්‍රකාශයට පත්කළ තොරතුරු අනුව නිර්දේශ රැසක් එම අමාත්‍යාංශය විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු පවසා සිටියේ, කසල කලමණාකරනය නිසි පරිදි නොකිරීම තුළ සත්ත්ව ග්‍රහණය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන නිර්දේශ

නිසි කසල කලමණාකරණය

වන්ධ්‍යකරණ වැඩසටහන් 

වනජීවි කලමණාකරනයට අවශ්‍ය නීති රෙගුලාසි

සත්ත්ව ගහණය වැඩි ප්‍රදේශවල ප්‍රජා භෝග ආරක්ෂණ කමිටු

මෙම ජාතික සත්ත්ව සංගණනය කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් මාර්තු 15වනදා ක්‍රියාත්මක කළ අතර, එහි වාර්තාවේ තොරතුරු අද (12) ප්‍රකාශයට පත් කළේය. 

මෙම වාර්තාවට අනුව දිවයින පුරා සිටින වඳුරන්, රිළවුන්, මොනරුන් සහ දඬුලේනන් සංඛ්‍යාව එක්කෝටි තිස් ලක්ෂයකට අධිකය. 

මෙය බ්‍රිතාන්‍යයේ සත්ත්ව සංගණන සඳහා භාවිතකරන ‘පොයින්ට් කවුන්ටින්’ නමැති ක්‍රමවේදය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ වන සත්ත්ව හානි අවම කිරීමට අදාළ කමිටුව ප්‍රකාශ කළේය.

සත්ව සංගණනයට අනුව වැඩිම රිලා ගහනය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර, එය 634,668ක්.

එමෙන්ම 160,315ක් වන වැඩිම වඳුරු ගහණය අනුරාධපුරයෙන් වාර්තා වේ.

වැඩිම දඬුලේනන් හා මොනරුන් ගහනය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය පිළිවෙලින් 546,715ක් හා 621,517ක් ලෙස ගණනය වී තිබේ

Related posts

[CCTV] – Police arrest man accused of setting Wijerama shop ablaze

Mohamed Dilsad

St. Anthony’s Church attack victims to receive compensation today

Mohamed Dilsad

முன்னாள் ஜனாதிபதி காலை எழுந்தவுடன் செய்ய வேண்டிய வேலைகள் இதுவே..

Mohamed Dilsad

Leave a Comment