Trending Newsඑසැන පුවත්දේශීය

කොරෝනා තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් පැහැදිලි කිරීමක්

මේවන විට ශ්‍රී ලංකාවේ නව කොරෝනා ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බවත්, අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් අවධාරනය කරයි.

පසුගිය සති කිහිපයේදී ආසියානු රටවල් කිහිපයක COVID – 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර ඇති බවත් අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් .

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක අතර COVID-19 තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළීබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙචන් සිටිමින් ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙසද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

Waruna Priyantha to fill Ranjith Zoysa’s vacant seat in Parliament

Mohamed Dilsad

බලපත්‍රලාභී මුදල් සමාගම්වලට වත්කමෙන් 10% ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීම්වලට අවසර

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික කිෂෝර් මහබුබානි අතර හමුවක්

Editor O

Leave a Comment