දේශීයව්‍යාපාරික

බලපත්‍රලාභී මුදල් සමාගම්වලට වත්කමෙන් 10% ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීම්වලට අවසර

(UTV | කොළඹ) – බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා මුළු වත්කම් වලින් 20 %ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබාදී තිබේ.    

එක් එක් සමාගමේ සමස්ත ක්‍රියාකාරීත්වය මත පදනම්ව අදියර තුනක් යටතේ මුදල් ණයට ගැනීම සිදු කළ හැකි බව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් විදේශ මුදල් ණයට ගැනිම සඳහා පහසුකම් සැලසීමට අදාළව මහ බැංකුව හඳුන්වාදුන් නව නියාමන රාමුවට අනුව මෙම අවස්ථාව හිමි වේ.

සමාගමක මුළු වත්කම් වලින් 10% ක් දක්වා වන විදේශ මුදල් ණයට ගැනීමකදී මහ බැංකුවේ අනුමැතිය අවශ්‍ය නොවන අතර පූර්ව දැනුම්දීම ප්‍රමාණවත් වන බව මහ බැංකුව සඳහන් කළේය.

Related posts

මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව

Mohamed Dilsad

ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් සමග පැමිණ නැව, ආපසු යයි.

Editor O

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්…?

Editor O

Leave a Comment