දේශීය

රිය අනතුරු හේතුවෙන් ගතවූ පැය 72 ට මරණ 40 ක්

(UTV | කොළඹ) – ගත වූ පැය 72 ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.   

රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් මරණ 10 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව පසුගිය 14 වනදා සිට ඊයේ (16) දිනය තෙක් පැය 72 ක කාළය තුල රිය අනතුරුවලින් පුද්ගලයින් 40 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අවනීත රියදුන්ගේ රිය පැදවීම් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවත් මාර්ග නීති උල්ලංගනය කරණ අය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකරන බවද අජිත් රෝහණ මහතා අවධාරණය කළේය.

මේ අතර අද සහ හෙට දිනයේදී අධිවේගී මාර්ග ආශ්‍රීතව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

 

Related posts

ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානම් තත්ත්වයක් ඇති වෙලා – නාමල් රාජපක්ෂ

Editor O

සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ, කාන්තාව රිමාන්ඩ්

Editor O

මේ වසරේ ගතවූ මාස දෙකහමාරට ආණ්ඩුව රුපියල් ට්‍රිලියන 2.3ක ණය අරගෙන

Editor O

Leave a Comment