දේශීය

රිය අනතුරු හේතුවෙන් ගතවූ පැය 72 ට මරණ 40 ක්

(UTV | කොළඹ) – ගත වූ පැය 72 ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.   

රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් මරණ 10 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව පසුගිය 14 වනදා සිට ඊයේ (16) දිනය තෙක් පැය 72 ක කාළය තුල රිය අනතුරුවලින් පුද්ගලයින් 40 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අවනීත රියදුන්ගේ රිය පැදවීම් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවත් මාර්ග නීති උල්ලංගනය කරණ අය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකරන බවද අජිත් රෝහණ මහතා අවධාරණය කළේය.

මේ අතර අද සහ හෙට දිනයේදී අධිවේගී මාර්ග ආශ්‍රීතව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

 

Related posts

අද සිට විදුලි කැපිල්ලක් නෑ

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර එක්නැලිගොඩ ඝාතනයේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කරයි.

Editor O

ලබන සතියේ දිස්ත්‍රික්ක පහක වෛද්‍යවරුන් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment