Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් සමග පැමිණ නැව, ආපසු යයි.

ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ
ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හැරී ගොස් ඇතැයි
වාර්තා වේ. එම්.ටී. හෆ්නියා ටයුරුස් නැමැති එම නෞකාව මෙම මස 2 වැනිදා මෙරට මුහුදු සීමාවට ළඟාවී පසුගිය
6 වැනිදා නැවත පිටත්ව ගොස් තිබේ.

එම සමාගමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට පොරොන්දු වුවත් මේ
දක්වා ඉන්ධන පිරවුම්හල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් දීම හේතුවෙන් ගැටළුවක් නිර්මාණය වී ඇති
බවත් ඒ හේතුවෙන් එම, සමාගම ඉන්ධන නෞකාව හරවා යවා ඇති බව වාර්තාවෙයි.

එම නෞකාව තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් සහ ඩීසල් මෙටි්‍රක්ටොන් 15,000 කින් තිබූ බවත් එම තොගය
නොලැබීමෙන් කොළොන්නාව තොග පර්යන්ථය තුළ තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් තොගවල හිඟයක් ඇතිවී තිබෙන
බවත් වාර්තා වේ. මෙම තත්වයත් සමග ඔක්ටේන් 92 ක පෙට්‍රල් හිඟයක් ඇතිවුවහොත් ඒ වෙනුවට ඔක්ටේන් 95 ක පෙට්‍රල්, 92 පෙට්‍රල් වෙනුවට නිකුත් කිරීමේ සූදානමක් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

නෞකාව ඉන්ධන තොගය සමඟ නැවත හැරීයෑම සත්‍ය බවත් එම ඉන්ධන තොගය නොමැතිවීම ඛනිජ තෙල් තොග පර්යන්තයේ තොගවලට එතරම් බලපෑම් නොවන බවත්, රටේ ඉන්දන හිඟයක් ඇතිවීමේ අවධානමක් ඇති නොවන බවද ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Related posts

ராஜபக்ஷவின் சீன பிரச்சார நிதிகளுக்கு எதிராக ரஞ்சன் FCID க்கு சென்றார்.

Mohamed Dilsad

Andy Murray returns from injury against Roger Federer in charity match

Mohamed Dilsad

EU – Sri Lanka Investor Dialogue to Boost Trade and Investment from Europe

Mohamed Dilsad

Leave a Comment