Trending Newsඑසැන පුවත්දේශීය

තම ආණ්ඩුවේ වුවද කුමන තරාතිරමක තනතුරක් දරන්නෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර දිසානායක

තම ආණ්ඩුවේ වුවද කුමන තරාතිරමක තනතුරක් දරන්නෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. ජනතා විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ නොතබන බවත් ඒ මහතා සඳහන් කළේය. අද රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

“දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා. ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා.

ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කළා. ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ.

ඉතාම කෙටියෙන් කිවහොත් රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ.

ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු නිවැරදිම මොහොතේ ගැනීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ.”

Related posts

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment