Trending Newsඑසැන පුවත්දේශීය

ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම පිරිස පාසල් සිසුන්

ලංකාවේ ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පාසල්වලින්  50% ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බවය.

එම ස්ථාන 14% කින් මදුරු කීටයින්ද හමුවී ඇති බව ඇය ප්‍රකාශ කළා ය. මෙවැනි තත්ත්වයක් හමුවේ පාසල් පද්ධතිය පිරිසිදුව තබා ගැනීමට සිසුන් මව්පියන් හා ගුරුවරුන් විසින් වගබලා ගැනීම අතිශයින් වැදගත්  කාර්යයක් බව ඩෙංගු මර්දන ඒකකය විසින් ආවධාරණය කරයි.

මේ අතර පාසල්වල ඩෙංගු මර්දනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව පාසල් කාලාපවලට බෙදා පිරිසිදු කිරීම මෙන්ම ඒ සඳහා වගකියන ගුරුවරයෙකු පත් කිරීමටද උපදෙස් දී ඇත.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අංශ සමග ඒකාබද්ධව පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීමට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවය.‍ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24361 කි.

Related posts

No committee called ‘Welcome Committee of British Royals’ – Foreign Ministry, British High Commission

Mohamed Dilsad

දුරගමන් සේවා බස් රථ සඳහා අද සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්

Mohamed Dilsad

Consular Fees revised by the Foreign Ministry

Mohamed Dilsad

Leave a Comment