Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගරාධිපති සමගි ජන බලවේගයෙන්.

කොළඹ නගරසභාවේ බහුතරය ඇත්තේ විපක්ෂය සතුව බවත් සමගි ජන බලවේගයෙන් කොළඹ නගරාධිපතිවරයා පත්වෙනු ඇති බවත් සජබ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

“කොළඹ නගරසභාවේ බහුතරය විපක්ෂයට නෙ. සුළුතරය ආණ්ඩුවට. විපක්ෂයේ කණ්ඩායම් සියල්ලම එකතුවෙලා මේ සභාව පිහිටුවනවා. සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් පත්වෙන්නේ. ස්වාධීන කණ්ඩායම් එකක් දෙකක් එහාට යයි, අනිත් කොටස් අපට එනවා”

ප්‍රශ්නය – තවම කොළඹ වැට උඩද ?

“වැට උඩ නෙවෙයි අපි දිනනවා” “ආණ්ඩුවේ ඡන්ද ලක්ෂ 23ක් අඩුවෙලා තියෙනවා. පළාත් සභා ඡන්දය තිබ්බොත් තවත් ලක්ෂ 20ක් විතර අඩුවෙයි, එච්චරයි” රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (01) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

நாளை 24 மணி நேர நீர் வெட்டு அமுலுக்கு

Mohamed Dilsad

Navy apprehend 30 persons for engaging in illegal acts

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරයට ස්ථාන මාරුවක්

Editor O

Leave a Comment