Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන 178ක සභාපති සහ උපසභාපති පත්කිරීමේ බලය පළාත් පාලන කොමසාරිස්වරුන්ට

කිසියම් පක්ෂයකට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත් කිරීමේ බලය පළාත් කොමසාරිස්වරයා වෙත පැවරෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. පසුගිය දා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කිසියම් පක්ෂයක් විසින් බහුතර බලය හිමිකරගත් ආයතන 161ක් සඳහා ප්‍රධානීන් පත් කිරීම මේ වන විට සිදුකර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ (31) රාත්‍රී නිකුත් කරනු ලැබීය.

ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන හෙට දිනයේ සිට ඉදිරි දින කිහිපය තුළ රැස්වීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය. කෙසේවෙතත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී 178ක බහුතර බලය කිසිදු පක්ෂයකට හිමි නොවීම හේතුවෙන් එම ආයතනවල ප්‍රධානීන් පත් කිරීමේ බලය පළාත් කොමසාරිස්වරුන් වෙත පැවරේ.

ඒ අනුව ඔවුන් විසින් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උප සභාපතිවරුන් පත් කරන ආකාරය පිළිබඳව පුවත්පත් දැන්වීම් පළකර දැනුම් දීම පළමුව සිදුකළ යුතු බව සඳහන් වේ.

එම දැනුම් දීමෙන් දින 14කට පසුව අදාළ ආයතනවල සභිකයින් රැස්වී ඒවායේ ප්‍රධානීන් පත් කරගැනීම සිදුකළ යුතු බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව එම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත් කිරීම ජුනි මස 17 වන දිනෙන් පසු සිදුකෙරෙනු ඇති.

පළාත් කොමසාරිස්වරයා විසින් එම පත්කිරීම් සිදුකරන දිනයන් පිළිබඳව පෙර දැනුම් දීමක් සිදුකරන අතර එක් පළාතක් තුළ එක් දිනකදී සිදුකළ හැක්කේ එක් පළාත් පාලන ආයතනයක පත් කිරීමක් පමණක් බව අමාත්‍යංශය සඳහන් කළේය. 

Related posts

මාර්තු 01 ගැන වෘත්තීය සමිති රැසක් දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

වර්ජනය අතහැර සාකච්ඡා කරන්නේ නැහැ – තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

Editor O

ගම්පොළ දිළිසෙන ගලට පොලිස් ආරක්ෂාව

Editor O

Leave a Comment