ක්‍රීඩා

බංග්ලාදේශය ශ්‍රී ලංකාව පරදවයි

(උදයම්,කොළඹ)  –  අයර්ලන්ත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ හයවන සහ අවසන් තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වෙයි.

ඩබ්ලින්හී දී පැවැති තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නේය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා ගැනීමට සමත විය.

ටොම් ලෙතම් ලකුණු 84යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමා වීමට පන්දු 10ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ටමිම් ඉක්බාල් සහ සභීර් රහ්මාන් ලකුණු 65 බැගින් රැස් කළේය.

මෙම ජයත් සමඟ අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් හි 6 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පසු කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී ඇත.

ශ්‍රේණිගත කිරීම් අනුව 6 වන ස්ථානය බංග්ලාදේශ කණ්ඩායමටත් 7 වන ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිව ඇති බව සඳහන්ය.

Related posts

එංගලන්ත කාන්තා පිළේ පුහුණුවීම් ඉදිරි සතියේදී ඇරඹේ

Mohamed Dilsad

ක්‍රිකට් තරගාවලිය අහිමි වෙන බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනා

Mohamed Dilsad

ලසිත් ඇඹුල්දෙණියට වසර 17 ක් පැරණි වාර්තාවක් මගහැරෙයි

Mohamed Dilsad

Leave a Comment