Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ රැකියා සඳහා යන අයට අලුත් නීතියක්

ගෘහස්ථ නොවන රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර, එම රැකියා ගිවිසුමට අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සහතික කිරීම අනිවාර්ය වේ.

ගෘහස්ථ නොවන රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රමිකයින් මුහුණදෙන ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා දූත මණ්ඩල නොමැති රටවල රැකියා සඳහා අදාළ රැකියා ගිවිසුම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය, ගුවන්තොටුපොළ ඒකකය හෝ දිස්ත්‍රික් කාර්යාල මගින් අනුමත කරගත යුතු බවද කාර්යාංශය නිවේදනය කරයි.

ඒ අනුව 2025 ජූනි 07 දින සිට ගෘහස්ථ නොවන කාණ්ඩයේ සියළුම රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා අදාළ රැකියා ගිවිසුම සහතික කිරීම පූර්ව අවශ්‍යතාවක් වනු ඇත.

Related posts

கொழும்பில் புத்தளத்து மக்கள் பேரணி : ஜனாதிபதி, பிரதமரிடம் மகஜர் கையளிப்பு…(PHOTOS)

Mohamed Dilsad

வனஜீவிராசி அதிகாரிகள் தொழிற்சங்க நடவடிக்கையில்

Mohamed Dilsad

වැඩබලන ජනපති ලෙස රනිල් නම් කරමින් ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment